පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
10-11 ශ්‍රේණි සදහා පිරිමි ළමුන්ගේ නිළ ඇදුම
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
- පාසල් නිළ ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- අතේ වටප්‍රමාණයට අමතරව වැඩිපුර අගල් 2ක ඉඩ ප්‍රමාණයක් තිබිය යුතුය.
- කමීසයෙහි, පපුවේ වට ප්‍රමාණයට අමතරව අගල් 4 ක ඉඩ ප්‍රමාණයක් තිබිය යුතුය.
- කලිසමේ කකුලේ වට ප්‍රමාණ්‍ය දණහිස තෙක් එසවීමට හැකිවන තරම් ඉඩ සහිතව මැසිය යුතුය
- කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
- නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

1-9 ශ්‍රේණි සදහා පිරිමි ළමුන්ගේ නිළ ඇදුම
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
- පාසල් නිළ ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- අතේ වටප්‍රමාණයට අමතරව වැඩිපුර අගල් 2ක ඉඩ ප්‍රමාණයක් තිබිය යුතුය.
- කමීසයෙහි, පපුවේ වට ප්‍රමාණයට අමතරව අගල් 4 ක ඉඩ ප්‍රමාණයක් තිබිය යුතුය.
- කලිසමෙහි කකුල දණහිස තෙක් උස විය යුතුය
- පාසල් ටයි පටිය පැළදිය යුතුය
- කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.

1-11 ශ්‍රේණි සදහා ගැහැණු ළමුන්ගේ නිළ ඇදුම
- කොණ්ඩය කොටට කපා ඇත්නම් පැත්තට පීරා මුහුණට නොවැටෙන සේ කොණ්ඩ කටු පැළදිය යුතුය.
- කොණ්ඩය නොකපන්නේ නම් මැදින් බෙදා පීරා කළු පැහැත් රිබන් පටි වලින් ගැට ගැසිය යුතුය.
- වම් පසින් නිළ ලාංඡනය පැළදිය යුතුය.
- වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
- ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
- සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
- බද පටිය අගල් 1.5 ක් විය යුතුය.