• (+94) 71-3315150
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Gurugodalla Weerasinghe K.V.

හ / ගුරුගොඩැල්ල වීරසිංහ ක.වි

Tangalle Zone

  • Register
  • Login
Gurugodalla Weerasinghe K.V.

හ / ගුරුගොඩැල්ල වීරසිංහ ක.වි

Tangalle Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් බිම් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

ඉදිරිපස වෙල් යායකින් සහ ගලා බසින දිහදහරකින්ද, පිටුපසින් ගුරුගොඩැල්ල කදු වැටියද, වම්පසින් තුරුලතා ගහණ පරිසරයකින් මැදිව ගුරුගොඩැල්ල වීරසිංහ විද්‍යාලය පිහිටා ඇත.

වර්ෂ 1979  ජනවාරි මස  20  වන දින එකවට තංගල්ල ආසනයේ මහජන මන්ත්‍රීව සිට දිවංගත ජිනදාස වීරසිංහ මැතිතුමාගේ මග පෙන්වීම මත ගුරුගොඩැල්ල හා අතපත්තුගම ගම්වාසීන්ද ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ නිළධාරීන්ද එක්ව තැනු 80*20 ගොඩනැගිල්ලක පාසල ආරම්භ කර ඇත. එදින පෙ.ව. 10.37 ට යෙදුන සුභ නැකතින් තංගල්ල ප්‍රාදේශිය අධ්‍යාපන අධ්‍යක්ෂක සී.ටී.එම්. ප්‍රනාන්දු මැතිතුමා, මාණ්ඩලික අධ්‍යාපන නිළධාරීතුමා ග.නි.ස.ම නිළධාරින් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වය ඇතිව පැවැති උත්සවයකදී මහජන මන්ත්‍රී ගරු ජිනදාස වීරසිංහ මැතිතුමා සහ එම මැතිනිය විසින් පාසල විවෘත කර ඇත. එතුමා විදුහල ආරම්භ කිරීමට දැරූ උත්සහයකට උපහාර කිරීමක් වශයෙන් ගුරුගොඩැල්ල වීරසිංහ නම්න් පාසල ලියාපදිංචි කරන ලදී.පාසල ආරම්භ කල දින එතුමා විසින් තබන ලද මංගල ලොග් සටහන් පිටපතින් එතුමා තුළ පැවති අභිප්‍රායන් මොනවද පැහැදිලි වේ. 

ආරම්භක අවස්ථාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 230 ක් පාසලට ඇතුලත්ව ඇත. කොහොඹගස්වැව වැනි පැරණි ගම්මානවල ශිෂ්‍යයනුත් ග.නි.ස.ම මගින් ජනපද ඇති කිරීම නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙන්ම කෑගල්ල නුවර ඈත ප්‍රදේශ වලින් ඉඩම් ලැබ පදිංචියට පැමිණි ජනතාවගේ දු දරුවනුත් විශාල සංඛ්‍යාවක් සිටි බැවින් මෙතරම් ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇතුලත් වීමට හේතු වී ඇත. මෙහි ප්‍රථම විදුහල්පති ධුරය දැරුවේ වි. ගුණදාස මහතා වන අතර මේ දක්වා විදුහල්පතිවරුන් 09 දෙනෙක් සේවය කොට ඇත. පාසල ආරම්භ වන විට ගුරුවරු 08 ක් සේවය කොට ඇති අතර වසර අවසන් වන විට එම සංඛ්‍යාව 11 දක්වා වැඩි වී ඇත.

වැඩිවන ශිෂ්දි‍ය අනුපාතයට අනුව 80*20 ගොඩනැගිල්ල ප්‍රමාණවත් නොවු නිසා 1984 දී 30*20 පන්ති කාමරයක් ප්‍රදේශවාසීන් විසින්  පොල් අතු සෙවිලි කොට සාදා ඇති අතර එය 1994 දී ස්ථිර වහළක් සහිතව සාදා ඇත. 1992 දී 80*20 ගොඩනැගිල්ලක්ද 1994 දි බහුකාර්ය ඒකකයක්ද සාදා ඇත. 1980 දී ග.නි.ස.ම මගින් ඔවුනට අයත් ගොඩනැගිලි 03 ක් ගුරු නිවාස සදහා පවරා ඇත.පාසලේ අතීතයේ සිටම තේක්ක, ගං කොහොඹ , ඇහැළ, ඇකේෂියා, බෝ, අරලිය වැනි ගස් වර්ග වලින් පෝෂිතව තිබු අතර මධ්‍යම පරිසර අධිකාරිය මගින් වන වගා ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කර ඇත.

විදුහල ඇරඹී දැනට වසර 36 කි. විදුහල ආරම්භයේ සිටි ශිෂ්‍ය සංඛ්‍යාව වර්තමානයේදී අඩු වීම කෙරෙහි නිරන්තරයෙන් පැවැති ගුරු හිගය බලපා ඇත.


ආරම්භ කළ වර්ෂය

1979 ජනවාරි 15

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

08

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

230

මුල් ගුරුතුමාගේ නම

වී ගුණදාස මහතා

පාසලේ ආදි කතෘගේ නම

පී.නිමල්

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

හ/ගුරුගොඩැල්ල වීරසිංහ විද්‍යාලය

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

එස්. සෝමපාල

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ඊ.චන්ද්‍රා කාන්ති
Gurugodalla Weerasinghe K.V.

හ / ගුරුගොඩැල්ල වීරසිංහ ක.වි

Tangalle Zone

Usefull Links

  • අපේ පාසල ගැන
    • ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විදුහල්පති පණිවිඩ
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය H/Gurugodella weerasinghe K.V., Gurugodella, Uswewa, Tangalle
  • දුරකථන(+94) 713315150
  • ෆැක්ස්(+94) 713315150

Supported By

© 2026 Gurugodalla Weerasinghe K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk